Social Icons

Sinhala Lyrics

Mottu - La Signore (Lahiru Perera)



මාතලේ හැදුවා මං ගේ තට්ටු
කේතලෙන් මල්ලක් ගත්තා කෙට්ටු
ඒ කෙල්ල දැම්මානේ මට වෙට්ටු
කවදහරි කරනව නංගිව මට්ටු

සිරිපාල කපුවා තිබ්බෙ මොට්ටු
මොට්ටුවට මතුරල ඕංරීන් කට්ටු
මොට්ටු දී ඈ හට උනානෙ තුට්ටු
ඇයිද දැන් පෙරලෙන්නෙ පානිට්ටු

කටගැස්ම වී මා ලෝකෙට පේනවා
තලුමරා මාවම බයිටට ගන්නවා
හිස හැරුණු ඒ මේ අත දුවනවා
ඊජිප්තු පිරමීඩෙක මා නිදනවා

උන් දෙන්න වගුරනවා සතුටු කඳුළු
ඉතිරිවුනෙ මට මේ බල්ලා නකුටු
සමගියෙන් ඉන්නේ අපි වී වකුටු
කවදහරි පෙන්නනව රැම්බො පාට්ටු

ඒ කාලේ අපි කෑවේ කෝලි කුට්ටු
කෙලින් තිබු කොණ්ඩය උනානෙ පොකුටු
තුන්වේල කන්නේ දාලා සීට්ටු 
හිටගෙන ගිලින්නයි වෙන්නෙ පිට්ටු

කටගැස්ම වී මා......

Title : Mottu
Singer : La Signore (Lahiru Perera)
Lyrics : Manuranga Wijesekara
Music : Music Oven

Post Comment

No comments: