Social Icons

Sinhala Lyrics

Sina Podak Wee Obage Dese - Deepika Priyadarshani Pieris



සිනා පොදක් වී ඔබගේ දෑසේ
නිදන්ව ඉන්නට පෙරුම් පිරූ මට 
කඳුලැල්ලක් වී ඔබගේ දෑසින් 
ගිලිහී යන්නට උරුම කලේ ඇයි //

සෙවනැල්ලක් සේ ඔබ දිවිගමනේ
අත්වැල වන්නට පැතුම් පැතූ මා //
මිරිඟුව දක්වා නෙතු යුග රවටා
වල්මත් කරදා සැඟව ගියේ ඇයි //

මල් කැකුලක්සේ ඔබ හද උයනේ
විකසිත වන්නට සැරසී උන් මා //
සිතගිණි අවුලා පියවර අහුරා
අසරණ කරදා ඉවත ගියේ ඇයි //

සිනාපොදක් වී......

Title : Sina Podak Wee Obage Dese
Singer : Deepika Priyadarshani Pieris
Lyrics : Kularatne Ariyawansa
Music : Rohana Weerasinghe

Post Comment

No comments: