Pages

Pages

Wahi Diya Maha Bima Themuwata - Deepika Priyadarshani








වැසි දිය මහ බිම තෙමුවට බිම තෙමන්නෙ වැහි විතර ද
රෑ අහසේ තරු තිබුණට තරු තියෙන්නෙ රෑ විතර ද
විහඟුන් පෙම් ගී ගැයුවට ගී කියන්නෙ උන් විතර ද
මට නුඹ විතරක් උනාට නුඹට ඉන්නෙ මං විතර ද

රෝස පතක කවි ලීවේ සුවඳ දිදී තියාගන්න
මේ විදිහට ගී ගැයුවේ ඉන්න තැනකදී ඇහෙන්න //

රෑ අහසේ තරු තිබුණට තරු තියෙන්නෙ රෑ විතර ද
මට නුඹ විතරක් උනාට නුඹට ඉන්නෙ මං විතර ද

උස අත්තක මලක් උනේ ගව් ගණනක් උඩින් ඉන්න
අවසානේ උරුම උනේ මල් පොකුරක එකක් වෙන්න //

වැසි දිය මහ.......


Title :  Wahi Diya Maha Bima Themuwata
Singer : Deepika Priyadarshani 
Lyrics : Nuwan Liyanage 
Music : Rohana Weerasinghe

No comments:

Post a Comment