Social Icons

Sinhala Lyrics

Gamane Gim Niu Eda

Singer : Milton Mallawaarachchi | Lyrics : Karunaratne Abeysekera | Music : M.K.Rocksamy















ගමනේ ගිම් නිවූ එදා
සැනසුම් පවන් සලා.
ඔබ මා දවයි දිවා රෑ
හද සෝ සුසුම් හෙළා..//

ඔබ මං මුළා වෙලා ගියා පෙම් පහන් නිවා
අහිතක් හිතන්නෙ නෑ පි‍්‍රයේ සිහිනෙකින් පවා
අද ඔබගෙ ජීවිතේ කතරකී වාලුකා
හිනැහෙන්න යළි දිලී දෛවයේ තාරකා

ගමනේ ගිම් නිවූ එදා...

මතකේ තිබේද ඒ යුගේ මාගෙ චේතනා
වැටහෙන්නෙ නැද්ද ආදරේ සෝක වේදනා
ඝන අන්ධකාරේ පාළුවේ කිමිදුණා
හිනැහෙන්න යළි දිලී දෛවයේ තාරකා

ගමනේ ගිම් නිවූ එදා...

Title :- Gamane Gim Niu Eda
Singer : Milton Mallawaarachchi
Lyrics : Karunaratne Abeysekera
Music : M.K.Rocksamy

Post Comment

No comments: