මුළු ලොව මගෙන් අසාවී
ඔබ ගැන කුමක් කියම්දෝ
මගෙ හිත මගෙන් අසාවී
ඔබ ගැන කුමක් කියම්දෝ
මට වේදනා නොදුන්නැයි
කීවත් කුමක් කියයිදෝ
ඔබ මට දුකක් නොවී යෑයි
කීවත් කුමක් කියයිදෝ
මා හද ලෙයින් ලියූවත්
ලොව මට කුමක් කියයිදෝ
මුළු ලොව මගෙන්.....
ඔබ ගැන කීවා නොකීවත්
මිනිසුන් කතා නොවෙයිදෝ
ඔබ නිවැරැදියි කියූවත්
මිනිසුන් සිනා නොවෙයිදෝ
ඔබ යළි මගේම වූවොත්
ලොව මට කුමක් කියයිදෝ
මුළු ලොව මගෙන්......
Singer : Sanath Nandasiri
Lyrics : Praneeth Abeysundara
Music : Sanath Nandasiri

No comments:
Post a Comment