Social Icons

Sinhala Lyrics

Punchi Es Deka Kadulu Purawan

Singer : Roshan Fernando
















පුංචි ඇස් දෙක කඳුළු පුරවන්
තවම මග බලනවා ඇති
ඒ උනත් මට එන්න බැරි බව
ඔයා තවමත් දන්නැති
මැරෙන්නට මොහොතක් තියා හරි
ඔබ සොයා ගෙන එන්නම්
ඒකටත් ලොකු කාලයක් නැත
කොහොම හරි හිත රවටමී

ප්‍රේමයේ උත්තරතීර බව
පසක් කරගෙන හොදටම
කාලයේ වැලිතලා යටවී
මියැදුනත් අපි සදහට
ආදරේ පෙම් කතා වලටත්
එකතු වී ඇත අප ගැන
හඩා වැටුනත් හඩන්නට බෑ
හිතන්නේ මම ඔබ ගැන

දහසකුත් බාධක තියාගෙන
ප්‍රේම කරනා ඔය හිත
දාලා යන්නේ කොහොමදැයි මට
ලියා දෙනවද මතකය
සැකය කියනා වචනෙ ගැනවත්
හිතෙන්නේ නෑ තව මට
නිදා වැටුනත් නින්ද යන්නෑ
හිතන්නේ මම ඔබ ගැන

පුංචි ඇස් දෙක.....

Singer : Roshan Fernando

Post Comment

No comments: