Social Icons

Sinhala Lyrics

Hangagena Sitiya Ma - Amila Perera & Kavindya Adhikari


 


හංගාගෙන සිටියා මා සිතක කොනේ //
නොවෙනස්‌ හැඟුමක්‌ ඒ ඔබම කෙරේ
හීනයෙන් පවා නම කියෑවුණා ඔබේ
ඊයෙටත් වඩා අද ආදරෙයි මා...
හීනයෙන් පවා නම කියෑවුණා ඔබේ
ඊයෙටත් වඩා අද ආදරෙයි මා...

ඔය බැල්මන් මා උමතු කරාවි නොසිතනු මැනවි
ඔය බැල්මන් මා උමතු කළා පිළිගනු මැනවි
සඳඑළියේ පා තැබුවේ මං සඳ එළියට ආස නිසා
මඳ අඳුරේ මා සිටියේ ඔබ සඳ එළියට පේන නිසා හීනයෙන් පවා
හීනයෙන් පවා නම කියෑවුණා ඔබේ
ඊයෙටත් වඩා අද ආදරෙයි මා...

ඔබෙ සෙවනැල්ලත් හරිම සෞම්‍යයි
දැන් නිරන්තරේ චිත්ත රූ මවයි
සිහින් ඇස්‌ පියන් කොහේදෝ රැගෙන යයි
නොනිදාගෙන මම මේ මුළු ජීවිතේ ගත කරයි
හැඟුමන් නොදැනෙනවාම නෙමෙයි
ඔය හිත නොහඳුනනවා නෙමෙයි
ජීවිතය ගැන බයයි
ආදරයෙ නිසි අරුත තව සොයයි...
ආදරයෙ නිසි අරුත තව සොයයි...

හංගාගෙන සිටියා........

Title : Hangagena Sitiya Ma
Singer : Amila Perera & Kavindya Adhikari 
Lyrics : Lasitha Jayaneththi Arachchige 
Music : Prasanna Dissanayaka

Post Comment

No comments: