මේ ඉර හදට වඩා මට
එළිය ඔබයි අම්මා
හිරු සදු මියෙන තුරා මම
ඔබව රකිමී අම්මා
අම්මා ..එළිය ඔබයි අම්මා..//
මේ දිවි කතරේ මා යන ගමනේ
අත් වැල නැති දවසේ..//
දිරිය වඩා ඔබ ලග උන්නා
දිවිය පුරා සෙනෙහස දුන්නා
මේ ඉර හදට....
මා ගැන එදිනේ ඔබ දුටු සිහිනේ
මට හිමි අද දවසේ..//
කදුළු පිරේ ඔබේ දෙනෙත පුරා
සතුට පිරී ඇති බව දැනුනා
මේ ඉර හදට...
Title : Me Ira Handata Wada
No comments:
Post a Comment