Social Icons

Sinhala Lyrics

Ran Malak Lesa Dev Babun Dothin Pidu



 




රන් මලක් ලෙස දෙව් බඹුන් දෝතින් පිදූ මේ පින් බිමේ
පස් පිඞක් ගිලිහී නොයන්නට රන් වැටක් ඇත සිව් කොනේ
නෙත් පුරා එක හීනයේ මුළු ලෝකයා නිදනා රැයේ
දේශයේ මුර දේවතා එලි රෑ පුරා දැල්වී තියේ

ලෙහි හොවා වැඩු සිය පුතුන් අත අවි දරා වැද රණ මතින්
පෑ විකුම් දැක දෑ බැතින් හිස අත් මුදුන් දෙති පියවරුන්
මව් බිමේ හිමිකම් පතා තම දිවි පිදූ කල ඒ පුතුන්
තුන් හෙලේ හැම මව්වරුන් ලය කිරි එරී ඇත උන් නමින්

රන් මලක් ලෙස.....

මව් කුසින් නොව මිහි කුසින් සිරිලක උපන් විරු දරුවනේ
අපි ඔබෙන් නව පණ ලබා මෙහි යළි උපන්නෙමු අද දිනේ
නෑසියන් සොයුරන් ඔබේ අද දූ පුතුන් හැම මේ බිමේ
හදවතින් අපි යුද බිමෙහි ඔබ තනි කළේ නැත කිසි දිනේ 
හදවතින් අපි යුද බිමෙහි ඔබ තනි කළේ නැත කිසි දිනේ..//



Song : Ran Malak Lesa Dev Babun 
Singer : Sunil Edirisinghe
Lyrics : Kumaradasa Saputhanthri
Music : Rohana Weerasinghe





HD Lyrics - සිංහල ගීත එකතුව

Post Comment