Social Icons

Sinhala Lyrics

Rellen Rellata Pawena Oruwe - Vijaya Kumarathunga


 


රැල්ලෙන් ‍රැල්ලට පාවෙන ඔරුවේ
යන්නම් දියඹට රෑ යාමේ...//
අඹු දරුවෝ මා දෙවියො රකීවා
එනතුරු මා උදේ මා...

ගොම්මන් රෑ මහ සාගර අඳුරේ 
හෝ හෝ හඬ කැරකේ 
යන්නම් ඈතට මේ කර දියරේ
ඉරණම රෑ ගමනේ
දුර වෙරළේ මේ යාමේ
සැතපේවා මගෙ දරුවෝ
කඩමලු වූ පන් පැදුරේ
තනි වේ මා... සාගරයේ...

‍රැල්ලෙන් ‍රැල්ලට...

ලන්තෑරුම් එළි සුළඟට නිවුණා
කම්පා වේ හද මා
මන්දාරම් වැහි ඈතින් එනවා
මූහුදේ ජල කළඹා
අසරණයෝ මා වාගේ
දෙවියනි කෝ දිළිඳු මගේ
‍රැකදේවා අසරණ මා
තනිවේ මා... සාගරයේ...

‍රැල්ලෙන් ‍රැල්ලට...

Title :  Rellen Rellata Pawena Oruwe
Singer : Vijaya Kumarathunga 
Lyrics : Ajantha Ranasighe
Music : Sarath Dasanayake

Post Comment

No comments: