Social Icons

Sinhala Lyrics

Sina Thotak Wiya Oba Pamula Ma Lada Saradam - Nirosha Virajini

 


සිනාතොටක් විය ඔබ පාමුල මා ලද සරදම් 
මහෝගයක් විය ඔබෙන් ලැබු අපමණ අභිමන්
නොහඩා ඉන්නම් ගිලිහුනු දා පෙම් ලොව මල්දම්
‍දුටුව නිසා ආදරයේ දෙව් ‍රුව ඔබගෙන් මං //

පෝසත් ඔබ සිත ළග උවැසිය වී දැහැනට වී
සිටිය මිස නොදනිමි කොයි සිටියාදැයි මලවී
පුදසුන් මත මිස යද්දී සහසක් මල් පරවී
නොපිදු මල තවමත් ඇත ඔබ ගැන බැති බරවී

මගෙන් මිදුනු ලොව ඔබට මිහිරි නම් එය සැපකී
ඔබට ලංව දුක බෙදා ගන්ට බැරිකම දුකකී
මෙවැනි බැදුම් බැරි ලෝකය සිර ගෙයකී
එවන් ලොවක මේ හමුවීමත් වාවනු නොහැකී

සිනාතොටක් විය......

Title : Sina Thotak Wiya Oba Pamula
Singer : Nirosha Virajini
Lyrics : Bandula Nanayakkarawasa
Music : Rohana Weerasighe 

Post Comment

No comments: