Social Icons

Sinhala Lyrics

Tharu Ath Akurin Liya Ewami Obata Pem Patha - Victor Rathnayaka


 


තරු අත් අකුරින් ලියා එවමි
ඔබට පෙම් පත
ඔබෙ සෙවණ පමණි මිහිපිට ඇති
එකම සම්පත //

මඳ පවන මොටද ඔබේ සුවඳ මුසුවී නැත්නම්
සඳ කිරණ මොටද ඔබ මගෙ තනියට ළඟ නැත්නම්
එළි කරමි මගේ ළඟ ඇති ආදරයේ වත්කම්
පැල්පතද මට හොඳයි මිහිරියෙ එක හිත ඇත්නම්

තරු අත් අකුරින්.......

කල්ගෙවා දෙනෙත් නොපියා ඔබ ගැනම පිය කතේ
කල්පනා කළ පමණ මට කල්පනාවක් නැතේ
ඇඳිරියෙද මැණික හඳුනන ඇස් දෙකක් මට ඇතේ
එනු මැනවි රස බලනු සෙවණක එකම පැල්පතේ

තරු අත් අකුරින්.......

Title : Tharu Ath Akurin Liya Ewami Obata Pem Patha
Singer : Victor Rathnayaka
Lyrics : Premakeerthi De Alvis
Music : Victor Rathnayaka

Post Comment

No comments: