Social Icons

Sinhala Lyrics

Siri Yahane Lanu Ihiree - Edward Jayakodi









සිරියහනේ ලණු ඉහිරී සුසුම් හෙලන රෑ
මකුළු දැලෙන් සිලි සිලියේ වියන් බඳින රෑ
යට ලීයෙන් නාරිලතා මල් පූදින්නේ
යට ලීයෙන් නාරිලතා මල් පූදින්නේ //


ස‍ඳෙන් සඳට මුවාවෙලා
කල දවසක් ගෙවී ගිහින්
නෙතට නුහුරු කදුළු බිංදු
පැදුරට මුහු වෙලා ගිහින්
යටලීයෙන් නාරිලතා මල් පූදින්නේ //

සිරියහනේ...

යහන තලා සැප විඳිනා
පල දී නැතු‍වා පෙර පින්
මාල වළලු නොතින් අයට
අප අමතක වෙලා ගිහින්
යටලීයෙන් නාරිලතා මල් පූදින්නේ //

සිරියහනේ...
Title :  Siriyahane Lanu Ihiree
Singer : Edward Jayakodi 
Lyrics : Lushan Bulathsinhala
Music : H.M.Jayawardana

Post Comment

No comments: