ලෙන්ගතු හිත තනිකරලා
තරු නෙතු අද තරහවෙලා
වැටෙන හුස්මක් ගානේ
කඳුළු ගනින්නට ඔබම තමයි මට ඕනේ //
ඔබම තමයි මට ඕනේ...
සිහිනපුරා සිත්මානේ ලැබුණු ඔයා සංසාරේ
පණ කියලා පිදු ආලේ තරහ වෙලාද අවාරේ
මට තනිවෙනු බෑ ඔබ නෑනේ
කඳුළු පිසින්නට ඔබම තමයි මට ඕනේ
ඔබම තමයි මට ඕනේ...
ලෙන්ගතු හිත ........
හිත හදලා හැමවාරේ ඔබ හිටියා ළඟ මාගේ
වැරදි කළේ මමමයිනේ මේ දුක මහමෙර වාගේ
මට විඳවනු බෑ මේ වාගේ
කඳුළු පිසින්නට ඔබම තමයි මට ඕනේ
ඔබම තමයි මට ඕනේ...
ලෙන්ගතු හිත ......
Title : Lengathu Hitha
Singer : Noel Raj
Lyrics : Kasun Primal
Music : Sandaruwan Jayasinghe
No comments:
Post a Comment