1. Tika Kalaka Sitan Ma ~ Chandrasena Hettiarachchi

    ටික කලක සිටන් මා අමතක වන බව දැනුනා
    අද මට නොදැනිම මගෙ දෙනෙතට කදුළු පිරෙනවා
    පිපි මලක් එලෙස මහ වන මැද පරවි යනවා
    ළං වී සිටි ඔබ මාගෙන් ඈතට ඉගිලෙනවා

    දුක ශෝකය මා හට නම් පුරුදුයි හැමදාම
    ආද‍ර වදනින් මා හද පෙළුවේ ඇයි මෙලෙස
    සමුගන්නට නම් අහිමි වු ආද‍රයෙන් මෙලෙස
    ඉවසම්ද මා කෙසේ සොදුරියේ මේ දුක කෙලෙස

    මා ඔබ ගැන අහිතක් නොසිතමි මින් කිසිදාක
    ඔබ තුටින් සිටී නමි මට සැපතකි හැමදාම
    ආදරයක ඇති වේදනාව දැනෙනවුදාක
    සිහිවෙයිද මගේ සොදුරියේ බිදුවක් යළි මතක..//

    Singer :- Chandrasena Hettiarachchi