Social Icons

Sinhala Lyrics

Digu Neth Hasarelle - Dayarathna Perera

 



දිගු නෙත් හසරැල්ලේ මා සැනසුන දවසේ
මේ නෙතු නවතා මගේ හිත අමතා
හිරු හිනහුන දවසේ ආදරයද මට කීවේ

උදේ හවා කල ගෙවන තුරාවෙද්දි
පටු මාවත් අතරේ තුරුලිය හෙවනේ
සිහිලස ලබමින් ගතකල සොඳුරු පැයේ
මල් හිනහුන උයනේදි ආදරයද මට කීවේ

දිගු නෙත් හසරැල්ලේ හිත රිදවුන දවසේ
උණුසුම් සුසුමින් නෙතු බොඳවෙද්දි
සැඩ හිරු නැගි මධ්‍යහනේ ආදරයද මට කීවේ

දෙදෙනා ආ මඟ අද මා තනිවම
ඔබ නෑ මගේ හෙවනේ 
වෛර කරන්නෑ මං කවදාවත් 
සැනසෙනු ඔහු හෙවනේ
ප්‍රේමය රුදු සිහිනෙකි ආදරයද මට කීවේ

දිගු නෙත් හසරැල්ලේ අප වෙන්වුන දවසේ
මා නෙතු හඩවා ඔහු හද සනසා
හිරු වැලපෙන හැන්දෑවේ
ආදරයද ඔබ කීවේ...

Title : Digu Neth Hasarelle
Singer : Dayarathna Perera
Lyrics :  
Music : 

Post Comment

No comments: