Social Icons

Sinhala Lyrics

Thaththa (Diwiyama Wage) - Chamara Weerasignhe


 




දිවියම වාගේ දියකර ප්‍රානේ
දුකසේ දිවි ගෙවන්නේ කෝමැයි
මේ මනු ලෝකේ සුරිදුනි මාගේ
දෙවියොත් මගේ ආදර තාත්තයි

පපු ගැබිනා දරු පෙමිනා උතුරන තාත්තා
බිම වැටිලා වදිනෙමි මා මගේ බුදු තාත්තා //

දිව රෑ දෙකේ වෙලිලා දුකේ
සැනසීම දන්දී ඔබේ..
දරුවන් නිසා විදිනා සොවේ
දෙවියන්ද පුදුමෙන් සැලේ
මේ සංසාරේ.. පිං වැස්සාවේ..
වදිමි සැමදා රජුනේ..

පපු ගැබිනා දරු පෙමිනා උතුරන තාත්තා
බිම වැටිලා වදිනෙමි මා මගේ බුදු තාත්තා //

සිතුසේ නොබී සිතුසේ නොකා
දරුවන්ට දුන්නා සුවේ
බෝසත් ගුණේ පුරනා නිසා
නිවනින්ම සැනසුම් ලැබේ
මේ සංසාරේ.. පිං වැස්සාවේ..
වදිමි සැමදා රජුනේ..

දිවියම වාගේ..........

Title : Thaththa (Diwiyama Wage)
Singer : Chamara Weerasinghe
Lyrics : Shehan Galahitiyawa 
Music : Priyantha Nawalage

Post Comment

No comments: