Social Icons

Sinhala Lyrics

Bebalima Wagema - Karunarathna Divulgane


 


බැබලීම වගෙම බැස යාම අයිති සඳටයි 
පිබිදීම වගෙම පරවීම අයිති මලටයි 
හැමදාම වගෙම මම තාම අයිති නුඹටයි

රැවටෙන්න වගෙම රවටන්න හිතක් නැතී 
හංඟන්න වගෙම පෙන්වන්න කිසිත් නැතී 
නුඹ දන්න තරම් මගෙ හිත...
වෙන දන්න කෙනෙකු ලොව මට හමුවෙලා නැතී 

බැබලීම වගෙම.......

හිමිවන්න කියා හමුවන්න හිතක් නැතී 
පින්වන්ත හිතේ විඳවන්න දුකක් නැතී 
අදහන්න නමුත් හැකිවෙද...
නුඹ දුන්නෙ නැතත් නුඹෙ හිත මගෙ ලඟම ඇතී 

බැබලීම වගෙම.......

Title : Bebalima Wagema Ayithi Sandatayi
Singer : Karunarathna Divulgane
Lyrics : Yamuna Malini Perara
Music : 

Post Comment

No comments: