Social Icons

Sinhala Lyrics

Mihi Mandale Anduru Kuse - Nanda Malini


 


මිහිමඬලේ අඳුරු කුසේ දිය උල්පත අම්මා
අහස්තලෙන් මරු කතරට වහින වැස්ස අම්මා
නිල් දෙර‍‍ණේ තුරුලිය මත මල් සම්පත අම්මා
තුරුලිය මත පිපි කුසුමේ ඵල සම්පත අම්මා

සිය දහසක් නෙක ලෝ දා එළිය කරන අම්මා
සොළොස් කලා පිරි පුර හඳ එළිය කරන අම්මා
මිහිමඬලේ අඳුරු කුසේ දිය උල්පත අම්මා
අහස්තලෙන් මරු කතරට වහින වැස්ස අම්මා

සඳ නැති රෑ සක්වල තරු එළිය කරන අම්මා
උදාගිරෙන් ලොවට වඩින ළහිරු මඬළ අම්මා

මිහිමඬලේ අඳුරු කුසේ .........

Title : Mihi Mandale Anduru Kuse
Singer : Nanda Malani
Lyrics : W.A.Abeysinghe
Music : Nanda Malini

Post Comment

No comments: