Social Icons

Sinhala Lyrics

Kohe Sita Oba Paminiyedo Sihinaye | Podi Malli Film Song


 


කොහේ සිට ඔබ පැමිණියේදෝ
සිහිනයේ රැඳුණු ඒ අප්සරා
මගේ ඉරබටු තාරකා
ඔබට ගැයෙනා නැවුම් කුළුඳුල්
ප්‍රේම ගීයයි මේ
කොහේ සිට ඔබ පැමිණියේදෝ

දෙනෝදාහක් අවට සිටියද
තනිවෙලා වේදනා වින්දෙමි මම්
නුවන් දාහක් අවට දුටුවද
දෙනෙත නලවන නෙතක් නුදුටිමි මම්
කොහේ සිට ඔබ පැමිණියේදෝ

පාළු ගනඳුරු රුදුරු රෑ මැද
නෙත වසා ආදරේ පැතුවෙමි මම්
මගේ සුසුමන් දැනෙන තරමට
ඔබට ළං වී කෙදින හිඳිමිද මම්

කොහේ සිට.........

ගායනය : වික්ටර් රත්නායක
පද රචනය : ප්‍රේමකීර්ති ද අල්විස්
සංගීතය : වික්ටර් රත්නායක
චිත්‍රපටය : පොඩි මල්ලි
අධ්‍යකෂනය : සුනිල් ආරියරත්න
තිර ගතවු දිනය :1979.11.02
රගපෑම් :- රවීන්ද්‍ර රන්දෙණිය (සිරිපාල රත්නසිංහ), ගීතා කුමාරසිංහ (නාලිකා), විජය කුමාරණතුංග (ගුණපාල හෙවත් පීටර්)

Post Comment

No comments: