කුල ගෙදරින් දුම්බර කඳු වැටියේ
කැන්දන් එනවා දුම්බර මැණිකේ
මනු කුල සිරිතට පති කුලයට අද
කැන්දන් එනවා දුම්බර මැණිකේ //
වන ලන්දෙ හැංගුණු
මූණ පොඩ්ඩක් කෝල වෙයි
ගම් මණ්ඩියේ...
ගහ වැල් පිපී සුවඳින් පිරී අද
පෙම් කෙළි වැව් කණ්ඩියේ //
වාසනාවන් හරි වාසනාවන් ////
කුල ගෙදරින්......
දඹ රත්තරං හැඩ දා සොඳින් කළ
රූපයක් ඇඹුමක් වගෙයි
ඔහෙ ඇස් වහක් නැත හෝ වහක් නැත
ආකහේ තරුවක් වගෙයි //
වාසනාවන් හරි වාසනාවන් ////
කුල ගෙදරින්......
ගායනය : බන්දුල විජේවීර ,රෝහණ වීරසිංහ ඇතුළු පිරිස
පද රචනය : මහාචාර්ය සුනිල් ආරියරත්න
සංගීතය : වික්ටර් රත්නායක
චිත්රපටය : හුලවාලි
No comments:
Post a Comment