Social Icons

Sinhala Lyrics

Meedum Gala Kande | Thushara Film Song


 


මීදුම් ගලා කන්දේ ඉවසන්න බෑ සීතේ 
උණුසුම් දැනේ දෑතේ...
ලං වී මට දැන් කියන්න ආදරේ දෝ 
මට ආදරේ දෝ...// 

රන් රුවක් වාගේ පෙම්බරා මාගේ //
මේ නිසංසලේ සිත් පහන් කළේ 
ලා නිල්ලේ ඔංචිල්ලේ නැලවිල්ලේ 
මා මත්වේ මුසපත් වේ රසවත් වේ 
ලං වී මට දැන් කියන්න ආදරේ දෝ 
මට ආදරේ දෝ....

සෙවනැල්ල මෙන් ඔබේ මම එන්නෙමි හොඳේ //
වෙන් නොවී බැඳී සංසාරයේ අපි
ලා නිල්ලේ ඔංචිල්ලේ... නැළවිල්ලේ..
ලං වී මට දැන් කියන්න ආදරේ දෝ 
මට ආදරේ දෝ....

මීදුම් ගලා කන්දේ.......

ගායනය : ‍H.R.ජෝතිපාල, ඇන්ජලින් ගුණතිලක
පද රචනය : ශ්‍රී නිහාල් ජයසිංහ 
සංගීතය : පී.එල්.ඒ.සෝමපාල 
අධ්‍යක්ෂණය : යසපාලිත නානායක්කාර
චිත්‍රපටය : තුෂාරා

Post Comment

No comments: