Social Icons

Sinhala Lyrics

Lassana Nam Ne Penenne | Wishmaya Film Song


 


ලස්සන නම් නෑ පෙනෙන්නේ
ඉස්සර සුවඳයි දැනෙන්නේ //
එදා සොඳුරු පිය දසුන්
මෙදා සිහිනයකි කසුන්
මතක් වුණත් අමිල සතුටකි
ලස්සන නම් නෑ පෙනෙන්නේ..

උකුල් තලා සලා ආ නාරිලතාවෝ
අමල් සිනා නැගූ රන් චාරුලතාවෝ //
වැයූ වගේ හවුල් වී ගැයූ රඟේ කොවුල් ගී
ඒ යොවුන් ළඳුන් කොහේදෝ

ලස්සන නම් නෑ.....

සවන් පුරා පිරීලා වස්දඬු රාවේ
සුසුම් හෙලයි සිතාරේ නෙත් යුග නෑවේ //
සිතූ සිතුම් සිඳීලා පැතූ පැතුම් බිඳීලා
ජීවිතේ ගමන් විලාසේ ....

ලස්සන නම් නෑ.....

ගායනය : මහාචාර්ය සනත් නන්දසිරි
පද රචනය : කරුණාරත්න අබේසේකර
සංගීතය : සරත් දසනායක
චිත්‍රපටය : විශ්මය
රඟපෑම් : විජය කුමාරතුංග,මාලිනී ෆොන්සේකා,හියුගෝ ප්‍රනාන්දු
අධ්‍යක්ෂණය : ජේ.කේ.චාල්ස් පෙරේරා

Post Comment

No comments: