Social Icons

Sinhala Lyrics

Ran Masu Ran Kiri Garuda | Awa Soya Adare Film Song


 


රන්මසු රන් කිරි ගරුඬ තලාවක 
සැලෙන හදින් ඔබ අමතන්නේ 
පා යුග එසවෙනවා 
මා ඔබ වෙත එනවා 
ආවා සොයා . . . ආවා සොයා . . . 
ආවා සොයා ආදරේ //

දෙසවන් වැසුව ද දෙනුවන් වැසුව ද 
ඔබෙ හඬ ඔබේ රුව මට සිහි වේ 
හිනැහී ආකාසේ දිනිඳා නැගෙනා සේ 
ආවා සොයා . . . ආවා සොයා . . . 
ආවා සොයා ආදරේ ...

ලස්සන මල් දහසක් අතරින් 
ඔබගේ දසුන පෙනේ 
කුංකුම චන්දන සුවඳ මැදින්
ඔබගේ සුවඳ දැනේ 
මා ළයේ කුළුඳුලේ අනන්ත හැඟුම් මැවේ //

රන්මසු රන් කිරි.....

කල්ප ගණන් එකතුව උන්සේ 
නිරතුරු මට වැටහෙයි 
අල්පයකුදු ඔබ ළග නැතිනම් 
කල්පය ලෙස තේරෙයි 
ජීවිතේ මිහිරි බැව් හැගෙ‍න්නෙ ඔබෙන් තමා //

රන්මසු රන් කිරි.....

ගායනය : H.R.ජෝතිපාල
යුග ගායනය : ඇන්ජලින් ගුණතිලක
පද රචනය : කරුණාරත්න අබේසේකර
සංගීතය : සරත් දසනායක
චිත්‍රපටය : ආවා සොයා ආදරේ
අධ්‍යක්ෂණය : ලෙනින් මොරායස්
රගපෑම් ‍‍‍‍: ගාමිණි ෆොන්සේකා,මාලනී ෆොන්සේකා

Post Comment

No comments: