Social Icons

Sinhala Lyrics

Sara Sande Sina Sele | Mihidum Sihin Film Song


 


සරා සඳේ සිනා සෙලේ ගිලිහී වැටිලා
වළා තලේ ඔබේ දෑසේ සිනහා මැවිලා 
තනි වේ අඳුරේ සුසුමේ වෙළිලා ...

වැතිරී සීත මීදුම් පායේ 
හදේ වේදනා...// 
හඬා වැටේ එදා ඇසූ 
ඔබේ ගීතිකා ...

සරා සඳේ....

සැඟ වී ඈත මේ හිම යායේ 
ඔහේ පාවෙලා ...//
මිලාන වී ගියාද ඒ 
සිනා වාසනා...

සරා සඳේ....

ගායනය : H.R.ජෝතිපාල
පද රචනය : කුලරත්න ආරියවංශ 
සංගීතය : සරත් දසනායක 
චිත්‍රපටය : මිහිඳුම් සිහින
අධ්‍යක්ෂණය : දයා විමලවීර
රගපෑම් ‍‍‍‍: විජය කුමාරතුංග,මාලනී ෆොන්සේකා

Post Comment

No comments: