Social Icons

Sinhala Lyrics

Mada Sitha Nala Rella | Wahal Dupatha Film Song


 


මඳ සීත නල රැල්ල දැඟලිල්ල පා 
කැළඹිල්ල දී දසත විසිරී ගියා 
සිතුවිල්ල ඉතිරී සැනසිල්ල පැතිරී 
පෙම් ලෝකයේ සුවඳ මුසුවී ගියා 

ඔය බැල්ම දෙන කැල්ම සුර ගීත පා
සුරතල්ම බව පේන රහසක් කියා 
දුක කැල්ම නැතිවී සිත ඇල්ම මතුවී 
පෙම් ලෝකයේ සුවඳ මුසුවී ගියා 

සුදු සේල මිහිදුම් අහසින් නැඟී
නිල් ලෝකයේ එලිය නොපෙනී රැඳී...// 
මගෙ දෑස පාදන්න ඔබෙ දෑස මට දෙන්න 
ඔබ මාගෙ ජීවේ සදා...

ඔය බැල්ම දෙන කැල්ම සුර ගීත පා
සුරතල්ම බව පේන රහසක් කියා 
දුක කැල්ම නැතිවී සිත ඇල්ම මතුවී 
පෙම් ලෝකයේ සුවඳ මුසුවී ගියා 

ඔය දෑත මට දෙන්න මගෙ දෑත ඔබ ගන්න 
යුග ගීත පවසන්නකෝ...// 
ලොව මිහිර නරඹන්න මදු මිහිරි රස බොන්න 
ඔබ මාගෙ ජීවේ සදා... 

මඳ සීත නල......... 

ගායනය : සරත් සන්දනායක & දයා අබේසේකර 
පද රචනය : මානෙල් පෙරේරා
සංගීතය : ආර්.මුත්තුසාමි
චිත්‍රපටය : වහල් දූපත 
තිරිගතවු දිනය : 1968.12.01
අධ්‍යක්ෂණය : ශාන්ති අබේසේකර
නිෂ්පාදනය : එම්.එස්.බෙලිඅත්ත & ශාන්ති අබේසේකර

Post Comment

No comments: