මේ දෑස මගේ පින්වන්තයි තේරුණේ දැන් තමයි
රන් රූපෙ ඔබේ පෙම්වන්තයි තේරුණේ දැන් තමයි
මේ දෑස මගේ පින්වන්තයි...
ළඟ දුනුකේ මලකී දුර මහනෙල් මලකී
උඩවැඩියා මලකී මල් මැද මල් ළඳකී //
මේ දෑස මගේ....
රණ මයුරා වරලයි අඩ සඳවන් නළලයි
නීල උපුල් දෙනෙතයි නාරිලතා ගමනයි //
මේ දෑස මගේ....
හද බැදෙනා වයසේ පහන ලෙසේ නිවසේ
ඔබ සැරදේ සුවසේ පතනෙමි මං එක් සේ //
මේ දෑස මගේ....
ගායනය : H.R.ජෝතිපාල
පද රචනය : කරුණාරත්න අබේසේකර
සංගීතය : පී.එල්.ඒ.සෝමපාල
චිත්‍රපටය : හතර දෙනාම සූරයෝ
අධ්‍යක්ෂණය : නීල් රූපසිංහ
රගපෑම් : ගාමිණි ෆොන්සේකා,විජය කුමාරතුංග,මාලනී ෆොන්සේකා
No comments:
Post a Comment