Social Icons

Sinhala Lyrics

Adara Mal Pawane | Duleeka Film Song


 


ආදර මල් පවනේ ඈ යන මේ ගමනේ 
කොහෙදෝ යන්නේ කව්දෝ දන්නේ 
දුලීකා... දුලීකා... දුලීකා... දුලීකා... //

වේදනා කන්දේ ඉඳලා 
ආදරේ දැක අත වනලා 
සුළඟේ පාවී සුසුම් හෙළා වී 
දුලීකා... දුලීකා... දුලීකා... දුලීකා...

ආදර මල් පවනේ.....

චංචල සිතුවිල්ලේ මංගල ඕවිල්ලේ 
නැළ වී යන්නේ ඈ මෙසේ 
පෙම් මල් උයනට දෝ 
කඳුලැලි මුහුදට දෝ 

ආදර මල් පවනේ..... //

ගායනය : ‍H.R.ජෝතිපාල
පද රචනය : ධර්මසිරි ගමගේ 
සංගීතය : ප්‍රේමසිරි කේමදාස 
චිත්‍රපටය : දුලීකා
අධ්‍යක්ෂණය : කේ.ඒ.ඩබ්ලිව් පෙරේරා
රගපෑම් : විජය කුමාරතුංග

Post Comment

No comments: