Social Icons

Sinhala Lyrics

Obage Hada Magemai | Harima Badu Thunak Film Song


 


ඔබගේ හද මාගේමයි
කතරේ මල් පීදේමයි
නොවිඳපු සුව සෑදේමයි
ඕ..... ඕ.....
රන් රස සේ පෑහෙමයි

ඔබගේ රුව මාගේමයි
සතුටේ මල් පීදේමයි
පෙර මග මුතු පෑදේමයි
ඕ..... ඕ.....
කිරි පැණි සේ පෑහෙමයි

සංසාරේ කෙම් බිම් සොයා සොයා හිතූ පැතූ දේ
තිරසර වුණා...
ශෘංගාරේ පෙම් පිණි පොවා පොවා සිනා සලාලා
තුරුළට වෙලා...
සීතල හිම ලංවේවි
උණුසුම මට ඕනෑ වෙයි
පෙම් සිලිලාරේ මා මත් වුණා

ඔබගේ රුව...

පෙම් සීනේ ලොව දැන ගනි කියා බයේ සැකේ මා
හද ගොළු වෙලා...
සන්තෝසේ ඉන්නකො ඔයා නිසා දිවා රැයේ මා
උමතුව ගියා...
සිර ගෙය බින්දේ ඔබයි...
මා සිත ගත්තේ ඔබයි...
පෙම් සිලිලාරේ මා මත් වුණා

ඔබගේ හද...

ගායනය : එම්. එස්. ප්‍රනාන්දු හා රංජනී පෙරේරා
පද රචනය : සුනිල් විමලවීර 
සංගීතය : එම්. කේ. රොක්සාමි
චිත්‍රපටය : හරිම බඩු තුනක්

Post Comment

No comments: