Social Icons

Sinhala Lyrics

Sunila Wala Hitha | Mithura Movie Song


 


සුනිල වලා සළු පිළි පටලා...//
ගුවන් කුමාරිය සිරින් උදාරිය
නංවයි මුකුළු සිනා...//
සුනිල වලා සළු පිළි පටලා...

රැල් රැල් නැග ආදරේ
ගයා වයයි ගීතේ
සෙල්ලම් සිනා පා කෙරේ
වැදී සුළං සීතේ //

සුනිල වලා......

මල් මල් ලලනාවියෝ
නුරා රැඟුම් පාලා
මන්මත් කරලා ගියෝ
නෙතේ අඳුන් ගාලා //

සුනිල වලා......

ගායනය : එච්.ආර්.ජෝතිපාල
පද රචනය : ප්‍රේමකීර්ති ද අල්විස්
සංගීතය : සරත් දසනායක
චිත්‍රපටය : හිත මිතුරා
අධ්‍යක්ෂණය : ලෙනින් මොරායස්

Post Comment

No comments: