Social Icons

Sinhala Lyrics

Pera Dinayaka Ma Pem Kala Yuwathiya - W.D.Amaradeva


 


පෙර දිනයක මා පෙම් කල යුවතිය
සිය පුතු නලවනවා
මගේම ගීයක් නැලැවිලි ස්වරයෙන්
ඈතින් මතු වෙනවා ..//

නුරාව වෙනුවට ඉඳුනිල් දෙනයන
දයාව වෑහෙනවා ..//
සිනාසුනෙමි මම අවිහිංසක ඇය
කෝල බැලුම් හෙලුවා

හිරුට සඳුට නොකියා හොර රහසේ
කාලය වියැකෙනවා ..//
නෙත් අදහන්නට බැරි ලෙස රූසිරි
කෙමෙන් මැකි යනවා

එදා වගේ තවමන් වැට අද්දර
නාමල් පුදිනවා ..//
නොකා නොබි දුක් වින්ඳ අතීතය
යළි මට සිහිවෙනවා

පෙර දිනයක මා..... 

Title : Pera Dinayaka Ma Pem Kala Yuwathiya 
Singer : W.D.Amaradeva
Lyrics : Sunil Sarath Perera
Music : 

Post Comment

No comments: