Social Icons

Sinhala Lyrics

Sarasaviyedi Heta Witharai Hamuwanne - Dayarathna Ranathunga


 


සරසවියෙදි හෙට විතරයි හමුවන්නේ
කිමද කුමරි නෙතු කඳුළැලි පුරවන්නේ //

මොරසුරන මහ වැස්සේ තනිකුඩයේ
අපි තනිවී දොඩමළුවු හැටී දෙනියේ
කොමළ පපා මුකුළු සිනා පෑ දෙතොලේ
මතකද මහවැලි දෑලේ සපු කුසුමේ

කලා ශිල්ප රාජ ඉසුරු මල් යහනේ
එදා ළපළු හෙවනේ සරතැස නිවුනේ
අපේ මියුරු සීන පිරුණු රජදහනේ
මෙදා සුවඳ පමණි උරුම හන්තානේ

කෝළ බැලුම් හෙළා රඟන පරෙවියනේ
මාල බැදුණු ගෙල කුමරිගේ හඳපානේ
හීනෙන් දැකුමට විතරයි උරුම වුනේ
හන්තානේ කුමරියෙ නාඩන් ළසඳේ

සරසවියෙදි හෙට විතරයි....//

Title : Sarasaviyedi Heta Witharai Hamuwanne  
Singer : Dayarathna Ranathunga 
Lyrics : Sri Saman Wijethunga
Music : Dayarathna Ranathunga

Post Comment

No comments: