Social Icons

Sinhala Lyrics

Jean Nage - Sumith Mandanayake


 


එන ඡන්දෙට මං ඉල්ලන්ටයි හිතාන ඉන්නේ
මට මනාපනං ඕනතරමං නෑ පරදින්නේ
එක මනාපයක් නැතිව තමයි මං ළතවෙන්නේ
අනෙ ජේන් නගේ...
අනෙ ජේන් නගේ නුඹෙ මනාපෙ කාටද දෙන්නේ

මගේ පැළට උඩින් තව ගෙපොළක් කපන්ට ඉන්නේ
එහි සත් මහලක් හදනවමයි නෑ නවතින්නේ
මැති ඇමති අඹුන් ටික නුඹ හා කදේ වැටෙන්නේ
මුතු මාල පබළු උජාරුවට දිස්නෙ වදින්නේ
අනෙ ජේන් නගේ...
අනෙ ජේන් නගේ නුඹෙ මනාපෙ කාටද දෙන්නේ

එන ඡන්දෙට මං.......

හැම නිවාඩුවක් අල්ලලා ඒරොප්පෙට යන්නේ
නුඹ කියනවනං ඒරොප්පෙත් පැලක් හදන්නේ
අපෙ පැටවු නිකං එහි ඉඳවලා අකුරු කරන්නේ
මල ඉලව් නුඹේ මනාපෙමයි පරහට ඉන්නේ
අනෙ ජේන් නගේ...
අනෙ ජේන් නගේ නුඹෙ මනාපෙ කාටද දෙන්නේ

එන ඡන්දෙට මං........

Title : Jean Nage
Singer : Sumith Mandanayake  
Lyrics : Sumith Mandanayake  
Music : Sumith Mandanayake

Post Comment

No comments: