Social Icons

Sinhala Lyrics

Nil Ambare - Romesh Sugathapala




නිල් අඹරේ සොඳුරු පැහැය
ඔය දෙනෙතේ තවරන්න
රතු මල් පොකුරේ පාට
මුදු දෙතොලේ දවටන්න
සමනල් රෑනේ එන්න
මගෙ තුරුලේ නැලවෙන්න
ආදරෙයි මං ආදරෙයි මුළු ජීවිතේ පුරා
ආදරෙයි ...

දේදුන්නේ නැගිලා නිල් අහසේ පැදලා
තුරුලේ මගේ උණුසුම් සුවේ පුදනවා //
පෙම් වර්ණ ලෝකේ පෙම් මල් ගොතා
ගෙල පලදවා සිප ගන්නවා

කිරි සයුරේ ගිලිලා සඳ අහසේ නැගිලා
දෙනුවන් ඔබේ තරු වැල් වගේ දිලෙනවා //
අප්‍රමාන පෙම් ලෝකේ අනන්තය සොයා
ඔබේ අත අරන් පියනගනවා

නිල් අඹරේ...

Title : Nil Ambare 
Singer : Romesh Sugathapala 
Lyrics : Nandana Wickramage
Music : Romesh Sugathapala 

Post Comment

No comments: