Social Icons

Sinhala Lyrics

Sonduru Es Deken Watena Kandulu Pan Aran - Kingsly Peiris



සොඳුරු ඇස් දෙකෙන් වැටෙනා කඳුළු පැන් අරං
කඳුළු ගඟේ පීනන්නට සොඳුර නැත වරම්
නෙතින් වැටෙන කඳුළු බිංදු සිතලද බලං
කවදාහරි ඔබ එනවද මගේ රත්තරං //

දවස ඇවිත් හිනහෙනකොට අපි දුරයි වගේ
පහස සොයයි සමනළයෙක් සුදු මලක් වගේ //
මලට තියෙන රැකවරනය මල් පෙත්ත වගේ
අපට තිබුනු සැනසීමත් ඇත්තයි වාගේ

සොඳුරු ඇස් දෙකෙන්.....

හිතට හොරෙන් හිත සක්මන් කලා අපි ලඟ
ඇසට හොරෙන් ඇස ඉක්මන් උනා අපි ලඟ //
ගඟට හොරෙන් ගඟ දිය සැඟවුනා ගඟ යට
අපිට හොරෙන් අපි ඉක්මන් උනා අපි ලඟ

සොඳුරු ඇස් දෙකෙන්.....

Title : Sonduru Es Deken Watena Kandulu Pan Aran
Singer : Kingsley Peiris 
Lyrics : 
Music : 

Post Comment

No comments: