Social Icons

Sinhala Lyrics

Adara Nil Daase - Narada Disasekara



ආදර නිල් දෑසේ
ආදර නිල් දෑසේ
මැණික් රුවක් ඇඳී දිලෙයි
ආදර නිල් දෑසේ

ආදර මල පිපී වැනෙයි
ඇගෙ පෙම් හද පොකුණේ
මගේ ළමැද පළඳන්නයි
ඒ රන්මල පිපුණේ

ආදර නිල් දෑසේ... //

විමානයේ කවුළු දොරින්
නෙත් හී සර විදලා
කුමාරියක් කතා කරයි
කාටද අත වනලා

ආදර නිල් දෑසේ... //

සිනහ දෙතොල් යහනාවේ
වැතිරෙමි රස උරලා
හද ලෙන් දොර වසනු මැනවි
මා එහි සිරකරලා

ආදර නිල් දෑසේ......

Title : Adara Nil Daase
Singer : Narada Disasekara
Lyrics : Dharmasiri Gamage
Music : Premasiri Khemadasa

Post Comment

No comments: