Social Icons

Sinhala Lyrics

Ganga Ennako Ganga - Abeywardana Balasooriya



ගංගා... එන්නකෝ ගංගා...
මං බලාන ඉන්නේ ඔබ එනතුරු ගංගා

දිරූ ඉපල් අතු දඬු ඔසවාගෙන
නියඟින් දා ගිය සිරුර වාරුකර //
බලා සිටිද්දී මා...
අහක බලාගෙන යන්න ගියා ඔබ
නෑ නේද ඉතින් යළි 
අහක බලන් යන්නේ

ගංගා එන්නකෝ.......

පිපුරුණු දෙතොලින් අහස බලාගෙන
දියපොද රහිත ව අකලට මහලු ව //
හඬා වැටෙද්දී මා...
පෙනෙන ඉසව්වෙන් මූදු ගියා ඔබ
නෑ නේද ඉතිං යළි අහක බලන් යන්නේ

ගංගා එන්නකෝ.......

Title : Ganga Ennako Ganga
Singer : Abeywardana Balasooriya
Lyrics : Sunil Ariyaratne
Music : Victor Rathnayaka

Post Comment

No comments: