ඇතුල් හිතේ හිත පතුලෙම පරිස්සමින් හංගා
තුරුළු සුවේ සියුමැල්ලෙන් පිරිමැද නිදිකරවා
පතුල් පවා සිඹ සිඹ නිදුකින් මා කර පින්නා
නැළවිල්ලෙන් ආත්මයම උණුහුම් කල අම්මා
මගේ අම්මා...
වචන රහිත දිගම පේන ගීය කනේ රන්දා
දුකින් තොරව දිවි ගෙවන්න පාර කියුවේ අම්මා
නැතිබැරි කම් හංගා ඇති දේ පිරිමහලා
කවා පොවා හැදුවේ අම්මා...
ආත්මයම හැදුවේ අම්මා...
ඇතුල් හිතේ......
හරිම තැනින් පටන් ගන්න කියා දුන්නු හින්දා
හොදම දෙයක් කරන් යද්දි සතුටු වෙන්නෙ අම්මා
සැප විදිනවා දැකලා හිස සිඹ සුභ පතලා
හිනා වෙවී හැඩුවේ අම්මා...
ආත්මයම හැදුවේ අම්මා...
ඇතුල් හිතේ......
Title : Athul Hithe
Singer : Asanka Priyamantha Piries
Lyrics : Kalum Srimal
Music : Radeesh Vandabona

No comments:
Post a Comment