Social Icons

Sinhala Lyrics

Hithuwakkari Nuba Nam Sondura - Athula Silva


 


හිතුවක්කාරී නුඹ නම් සොඳුර....
හිතුවක්කාරයි නුඹ නම් තාමත් මහ වැස්සක් වාගේ
මුතු කැට වැස්සක් වාගේ වේ නම් සොඳුරීයි මේ දීගේ
හිතුවක්කාරී මෙතුවක් ඒ ගැන හිතලා නෑ වාගේ
බලහත්කාරෙන් ඉන්නට බෑ මට වාවාගෙන වේගේ //

බොරු අරුමෝසම් පමණට වැඩියෙන් ගෝචර නෑ නිතර
මෝසම් සුළගක් ආවොත් නුඹ නම් ගහගෙන යයි සොඳුර //
තාවකාලිකයි අහංකාරකම් කොන් වී යන අතර
සදාකාලිකයි දැහැමි චාම්කම ඉගෙන ගනින් සොඳුර

හිතුවක්කාරී........

සරුංගලේ ලස්සන දිස්වන්නේ උඩු ගුවනේ විතරයි
නූල ගැස්සුනොත් හදිසියෙන් හරි ඒ ලස්සන ඉවරයි //
ලස්සන කන්නද හිත ලස්සන නැති ගැහැණිය ගිණිකෙළියයි
හදවත ලස්සන ගැහැණිය ඇති තැන ලෝකෙම සැණකෙළියයි

හිතුවක්කාරී..........

Title : Hithuwakkari Nuba Nam Sondura
Singer : Athula Silva
Lyrics : Kelum Srimal
Music : Siril Perera

Post Comment

No comments: