Social Icons

Sinhala Lyrics

Kadula Itin Samaweyan - Keerthi Paskuwel

 




කඳුළ ඉතිං සමාවෙයන් අපි වෙන්වෙමු අද හවසට 
මගේ ගෙපැළට ඈ එනවා සිරි යහනේ තනි රකින්න //

කළු වළාව නැගෙන්නෙපා ගඟට උඩින් හැන්දෑවට 
මුදුන් ලීය යටින් පොළවේ ගොම හේදෙයි අළුත් පිටම 
කන්ද කපා හඳ පායා සඳ රැස් යහනට වඬින්න 
සඳ එළියෙන් ඇගේ ගතේ පිපි ගෝමර මල් දකින්න 

කඳුළ ඉතිං ......

මල් දෙවැටේ වතුසුදු මල් පිපේවි ඈ පිළිගන්නට 
උපුල් තලා ඔමරි සිනා මතුවෙයි මල් පරදන්නට 
බිළිඳු ගෙනා කිරි සුවඳක් ගෙපැළ දොරින් හමා එන්න 
ඉඩ දීයන් වළාකුලේ මගෙ සිහිනයේ මල් පිපෙන්න

කඳුළ ඉතිං ......

Title : Kadula Itin Samaweyan
Singer : Keerthi Paskuwel
Lyrics : 
Music :  

Post Comment

No comments: