Social Icons

Sinhala Lyrics

Mage Punchi Rosa Male - Amarasiri Peries

 


මගේ පුංචි රෝස මලේ
මමයි නුඹේ වියපත් බඹරා
නුඹ හීනෙන්වත් නොදකින කුමරා...
නුඹ හීනෙන්වත් නොදකින කුමරා...


කලුවර රෑ හඳක්‌ වගේ
අහසේ නුඹ ඉන්නව නම්
ආසයි මම නොකී කවිය නුඹට කියන්න
තරහක්‌ නෑ නුඹ බැස යන්න...

මගේ පුංචි රෝස මලේ...

මගේ පුංචි නවාතැනේ
ඇවිදින් සැරි සරනව නම් 
ආසයි මං කවුළු පියන් ඇරලා තියන්න
තරහක්‌ නෑ නෑවිත් ඉන්න...

මගේ පුංචි රෝස මලේ...

Title : Mage Punchi Rosa Male 
Singer : Amarasiri Peiris
Lyrics : Dammika Bandara 
Music : Denister Perera 

Post Comment

No comments: