Social Icons

Sinhala Lyrics

Oya Hinda Man Winda - Chandrasena Hettiarachchi










ඔයා හින්දා මං වින්දා දුක් ගංගා 
එදා හංගා පෙම් බැන්දා ඔබ හට මා
ආදරේ කරලා දෑසම රිදවා
දමා ගිහින් මගෙන් වෙන්වෙලා
වෙනස් වී දුකක් දී ලඟින් ඈ දුරස් වී

මා ඔබෙ කියලා දෑතම පටලා
වෙරළේ පියමැන්න කාලයේ
මතකය ගෙනෙනා ආදරේ පිරිලා
පාලුව ගොඩගැහුනා ජීවිතේ 
කියාලා දීලා යනවද පියඹා
දන්නේ නෑ මගේ මදිවද ආදරේ

ඔයා හින්දා.......

කාලය ගෙවිලා ඔබ වෙන්වීලා
කාටද හිමිවීලා මේ බවේ
ඒ දුක ඉවසා ගන්නට බැරුවා
ආයේ එනවාද හීන් සැරේ
කියාලා දීලා යනවද පියඹා
දන්නේ නෑ මගේ මදිවද ආදරේ

ඔයා හින්දා.......

Title :  Oya Hinda Man Winda
Singer : Chandrasena Hettiarachchi 
Lyrics : Sajith V Chathuranga
Music : Radeesh Vandabona

Post Comment

No comments: