Social Icons

Sinhala Lyrics

Sandai Tharui Nisansale - Somasiri Madagedara

 



සඳයි තරුයි නිසංසලේ 
අහස ගොළු වෙලා...
ඔබයි මමයි දෙමංසලේ 
දෙතැන තනි වෙලා...//

මල් යායේ බඹරු නටයි ලොවම ලස්සනයි
සිත් දෑලේ සිතුම් පෙළයි සිහින ලෝකයයි..//
බිඟු නාදේ මධු වෑහේ එකම ගීතයයි..
මා දන්නේ ඔබ පමණයි එයම සිහිනයයි

සඳයි තරුයි.........

කඳු යායේ බොඳ මීදුම් සළු රටා දිගේ
දසුන් මැවේ මායාවකි එයද මට අගේ..//
හමුවූවේ වෙන්වන්නද හද සුසුම් නැගේ..
වෙන්වූවේ හමුවන්නද යළි සසර මගේ..

සඳයි තරුයි.....


Title : Sandai Tharui Nisansale
Singer : Somasiri Madagedara
Lyrics : Bandula Jayasinghe
Music : Sarath de Alwis

Post Comment

No comments: