Social Icons

Sinhala Lyrics

Galana Gangaki Jeewithe | Ranmuthuduwa Film Song


 


ගලන ගඟකි ජීවිතේ
දයාලු ලෝකයේ..//
මිහිර පතා ආදරේ...//
ලපළු නටයි ගංතෙරේ...
ගලන ගඟකි ජීවිතේ
දයාලු ලෝකයේ..

වැලිතල කිති කවන නටන
පෙම් රළවැළ ඉවුරු බඳන
මිහිතලයට සුවය දැනෙන
උකුලු තලය බදු නැලවෙන

ගලන ගඟකි....//

පෙමට පෙම පුදා
තුඩට තුඩ දිදී...//
කුරුළු ගී නගයි..//
ආදරේ බැදිලා...

ගලන ගඟකි....//

ගායනය : නාරද දිසාසේකර & නන්දා මාලිනී
පද රචනය : චන්ද්‍රරත්න මානවසිංහ
සංගීතය : පණ්ඩිත් ආචාර්ය ඩබ්ලිව්.ඩී.අමරදේව
චිත්‍රපටය : රන්මුතු දූව
නිෂ්පාදනය : ශේෂා පලිහක්කාර
අධ්‍යක්ෂණය : මයික් ජේ. විල්සන්
රංගනය : ගාමිණී ෆොන්සේකා & ජෝ අබේවික්‍රම & ජීවරාණි කුරුකුලසූරිය
තිරගත වු දිනය : 1962.10.10

Post Comment

No comments: