ගඟ අද්දර මා සිහිල් සෙනේ සැනහී
හද සන්තක විය අනුහස් ආසිරි ගී
ඔබ හමුවේ මා මුව ගොළු වූවා
ගඟ අද්දර පෙම් කැඳවුම් රස දැහැනේ
ඉහ ඉද්දර පිපි ප්රාර්ථනා සිහිනේ
පිබිදුනි ආශා ගිනිසිළු සේමා
මල්සර දුනුවර ළමැද හොවාලා ඉරණම් පවස නිවා
සංසුන් වූ තරමින් නොසැලෙනවද බාලේ බැඳි රන්දම්
ඔබ හා ආයේ ආයේ පෑහී තුෂාර සුසුම් හොවා
චමත්කාරයේ රන් රේඛා අප සැළෙන හදින් දුටුවා
ගඟ ඉද්දර පෙම් තෙපුල් පවන් අතරේ
මන පුෂ්පය මුදු සුපුල් සිනා විසිරේ
මා හද රහසේ බැදුනා පහසේ
ගඟ දිය රැලි ඔබ නාඩන් කිසි දවසේ
ගඟ දිය සුළි මැද උණුසුම් සුව ගැවසේ
ඔබේ රුව ඡයා සැගවේ පායා
මල්සර දුනුවර.....
ගායනය : විජය කුමාරතුංග
පද රචනය : ඔගස්ටස් විනයාගර
සංගීතය : නිමල් මෙන්ඩිස්
චිත්රපටය : ගඟ අද්දර
නිෂ්පාදනය : මිලිනා සුමතිපාල
අධ්යක්ෂණය : සුමිත්රා පීරිස්
තිරගත වූ දිනය : 1980 අගෝස්තු 01
රගපෑම් : විජය කුමාරතුංග & වසන්ති චතුරානී
No comments:
Post a Comment