Social Icons

Sinhala Lyrics

Heenayak Wage

Singer : Surendra Perera | Lyrics : Dilan Gamage | Music : Udara Samaraweera















තාමත් මුන ගැහැනෙ නැතත්
ඇස් දෙක ඔබේ...
හිතට හිතක් ලංවීලා කල්පයක් වගේ
දැනෙන තරම් ලග නැති පාළුව
අනත්තය වගේ...
තාමත් ඔබේ හමුවීමත් මට
හීනයක් වගේ...

මේ පිරිමි රළු පපුවෙ ගැස්මන් පවා
ඔය හිතට කාවැදිලා සිහිනෙන් පවා
දුරින් ඉන්න බෑ මට නම්..
එන්න පණ මගේ...
තාමත් ඔබේ හමුවීමත් මට
හීනයක් වගේ..

හිත් පොඩියේ තනිවෙච්ච
පෙම් අදෝනා...
පවසන්න අදිරිය තුරුලට වෙලා
එන්න පණ මගේ...
තාමත් ඔබෙ හමුවීමත් මට
හීනයක් වගේ...

තාමත් මුන ගැහැනෙ නැතත්.....

Singer : Surendra Perera
Lyrics : Dilan Gamage
Music : Udara Samaraweera

Post Comment

Oba Enna Oba Awith Yanna Enna

Singer : Moris Wijesinghe | Lyrics : Upul Shantha Sannasgala | Music : Samantha Perera  














ඔබ එන්න... ඇවිත් යන්න එන්න
සෞමිය සඳ සේමා... වත රුසිරි බෝමා...
සන්සුන් ගමනේ රුසිරි බෝමා
ආ..දරේ නොකියා... ඉන්නේ කොහොමා
මගෙ රන් කදට මම ආදරෙයි
මගෙ රන් කදට මම ආදරෙයි

ඔබ නොදැක බැරුවා
ඔබ නැතුව බැරුවා //
මග සොය සොයා... රුව සනහලා...
සත්තකයි මං ඔබ එතැයි සිතුවා

ඔබ එන්න... ඇවිත් යන්න එන්න

මම පෙරුම් පිරුවා
ඔබ එතැයි සිතුවා //
මග බල බලා... නෙතු දව දවා..
රත්තරං මං මග බලා සිටියා

ඔබ එන්න... ඇවිත් යන්න එන්න..//

Singer : Moris Wijesinghe
Lyrics : Upul Shantha Sannasgala
Music : Samantha Perera

Post Comment

Obe Sina Laga Netha Nawathuna Daa

Singer : Jagath Wickramasinghe














ඔබේ සිනා ලග නෙත නැවතුනු දා
ඔබේ කතා ලග සිත නැවතුනු දා
ප්‍රේමය හැදින්නෙමි //
මේ ලෝ තලයේ //

කුමටද උපමා ඉතිහාසයේ උං
ප්‍රේමවන්තයින්ගෙන් ..
කුමටද ආදරයේ පෙම් සැමරුම්
පෙම් පාරාදීසේ ..
ඉමක් කොනක් නැති ආකාසේ
තරු පායා එන සේමා ..
ඉමකා නිමක් නැත පෙම් හදවත් තුළ
පෙම් සිතුවිලි බෝමා

ඔබේ සිනා ලග ...

Singer : Jagath Wickramasinghe

Post Comment

Desa Wasa Sitiya

Singer : Maya Damayanthi | Lyrics : Mala Vajira Perera | Music : Victor Wijayantha















දෑස වසා සිටියා ඔබේ රුව
ඇයිදෝ මට පෙනුණේ
සවන වසා සිටියා ඔබේ හඬ
ඇයිදෝ මට ඇසුණේ

දිවියට සැනසුම සෙනෙහස ගෙන දුන්
ඔබ වෙනුවෙන් මා ගී ගැයුවේ
යුගයෙන් යුගයට භවයෙන් භවයට
ඔබ වෙනුවෙන් ජීවත් වූයේ

දෑස වසා සිටියා ..

බැඳි සෙනෙහස අමතක වීලා
නිබඳව ඔබ මට පිටු පෑවේ
හදවත රැඳි ආදරය නිසාමයි
කිසිදින මා තරහ නොවූයේ

දෑස වසා සිටියා ..

Singer : Maya Damayanthi 
Lyrics : Mala Vajira Perera
Music : Victor Wijayantha

Post Comment

Piyaba Yanawa Ma Akasaye

Singer : Clarence Wijewardena















පියඹා යනවා මා ආකාශායේ
අවසානයි ප්‍රේමාදරේ
ගිරවෝ කොවුලෝ
මිදුනා මා ආදරෙන්..//

පෙම් බැන්ඳ දා ඉඳන් උපන් හදේ
හිත වේදනා රිදුම් නොදේ
පීවිතේ පුරා පවන් සැලේ
මල් මල් යොවුන් වියේ ජීවිතේ

පියඹා යනවා මා ........

රෑ නින්ද යා නොදි හිතේ උපන්
නෑ පෙම්වතී කියා රුවක් ඉතින්
පෙම් යදම් සිදී බිදී ගිහින්
මල් මල් යොවුන් වියේ ජීවිතේ

පියඹා යනවා මා ........

Singer : Clarence Wijewardena

Post Comment

Numba langa Nathi Da

Singer : Sanka Dineth | Lyrics : Isuru Weerasinghe | Music : Sanka Dineth














හිත රිදවනා සුසුමක් වගේ
නෙත හඩවනා කඳුළක් දිගේ//
හැබැහින් නැතත් හීනෙන් වගේ
ඇයිදැයි කියන්නකෝ මා හැර ගියේ
නුඹ ලඟ නැතිදා....////

හිත දුවනවා හැම තැන මගේ
නෙත පිරෙනවා සුවඳින් ඔබේ//
බැලු බැලු අතේ නුඹේ රුව වගේ
ඇයි මේ පෙනෙන්නේ මට ඒ වගේ
නුඹ ලඟ නැතිදා....////

හිත දවනවා මතකය ඔබේ
දින ගෙවෙනවා හීනෙන් වගේ//
දවසක ඇවිත් ලගටම මගේ
මොහොතක් ඉදින්නකෝ ඉස්සර වගේ
නුඹ ලඟ නැතිදා....////

Singer: Sanka Dineth
Lyrics : Isuru Weerasinghe
Music : Sanka Dineth

Post Comment

Samawela Hada Ganna Mata Mage Hitha

Singer : Chamara Weerasinghe















සමාවෙලා හදාගන්න මට මගේ හිත
එකම වරක් ඔබේ දෙපා
වඳින්න දෙන්න... වඳින්න දෙන්න...
කිලුටක් නෑ මගේ හදවත සත්තයි ඔන්න
එපා ඉතින් මගේ දෑස මඟ හැර යන්න
සමාවෙලා... හදාගන්න මට මගේ හිත

ඔබේ සිතට පිටු පලා මං ගිය ඈත
කඳුළු වලින් නෙත තෙමුනා මට නොදැනීම
ආදරයක් නොලැබුන දා සොයා ඔබේ සිත
මං ආවත් එරෙහි උනා කසාවත මට

සමාවෙලා හදාගන්න.....

කසාවතින් ඔබ යන විට මඟ සන්සුන්ව
ආදරයට හැඟුමන් නෑ හදවත කොනක
ගෙවා ගන්න මා කළ පව් සමාවී මට
එකම වරක් ඔබේ දෙපා වඳින්න දෙන්න

සමාවෙලා හදාගන්න.....

Singer : Chamara Weerasinghe

Post Comment

Gamane Gim Niu Eda

Singer : Milton Mallawaarachchi | Lyrics : Karunaratne Abeysekera | Music : M.K.Rocksamy















ගමනේ ගිම් නිවූ එදා
සැනසුම් පවන් සලා.
ඔබ මා දවයි දිවා රෑ
හද සෝ සුසුම් හෙළා..//

ඔබ මං මුළා වෙලා ගියා පෙම් පහන් නිවා
අහිතක් හිතන්නෙ නෑ පි‍්‍රයේ සිහිනෙකින් පවා
අද ඔබගෙ ජීවිතේ කතරකී වාලුකා
හිනැහෙන්න යළි දිලී දෛවයේ තාරකා

ගමනේ ගිම් නිවූ එදා...

මතකේ තිබේද ඒ යුගේ මාගෙ චේතනා
වැටහෙන්නෙ නැද්ද ආදරේ සෝක වේදනා
ඝන අන්ධකාරේ පාළුවේ කිමිදුණා
හිනැහෙන්න යළි දිලී දෛවයේ තාරකා

ගමනේ ගිම් නිවූ එදා...

Title :- Gamane Gim Niu Eda
Singer : Milton Mallawaarachchi
Lyrics : Karunaratne Abeysekera
Music : M.K.Rocksamy

Post Comment

Mulu Lowa Magen Asawi

Singer : Sanath Nandasiri | Lyrics : Praneeth Abeysundara | Music : Sanath Nandasiri















මුළු ලොව මගෙන් අසාවී
ඔබ ගැන කුමක්‌ කියම්දෝ
මගෙ හිත මගෙන් අසාවී
ඔබ ගැන කුමක්‌ කියම්දෝ

මට වේදනා නොදුන්නැයි
කීවත් කුමක්‌ කියයිදෝ
ඔබ මට දුකක්‌ නොවී යෑයි
කීවත් කුමක්‌ කියයිදෝ
මා හද ලෙයින් ලියූවත්
ලොව මට කුමක්‌ කියයිදෝ

මුළු ලොව මගෙන්.....

ඔබ ගැන කීවා නොකීවත්
මිනිසුන් කතා නොවෙයිදෝ
ඔබ නිවැරැදියි කියූවත්
මිනිසුන් සිනා නොවෙයිදෝ
ඔබ යළි මගේම වූවොත්
ලොව මට කුමක්‌ කියයිදෝ

මුළු ලොව මගෙන්......

Singer : Sanath Nandasiri
Lyrics : Praneeth Abeysundara 
Music : Sanath Nandasiri

Post Comment

Athagili Badune Ai Mey Wilasin

Singer : Indrani Perera















අතගැලි බැදුනේ ඇයි මේ විලසින්
ඔබ හමුවෙන්න කලින්
සෙනෙහස ඔබගේ කෙලෙස විදින්නද
අන්සතු ලදකි මෙමන්

ඔබ ලග ඉන්නට ඔබ ලැබ ගන්නට
මා හට නොමැත වරම්
මිහිපිට මා හට නැහැ වෙන සතුටක්
ඔබ රුව දකින තරම්
සෙනෙහස ඔබගේ කෙලෙස විදින්නද
අන්සතු ලදකි මෙමන්

සිත සිත ඔබ ගැන දින දින ලතවෙමි
වෙන මා කරමි කුමක්
හමුවුනේ ඇයි අප ඇසුරු කරන්නට
එය මා සිතට දුකක්
සෙනෙහස ඔබගේ කෙලෙස විදින්නද
අන්සතු ලදකි මෙමන්

සිතු පැතු  හැමදේ නෑ ඉටුවෙන්නේ
ලොව අපි පතන ලෙසින්
මතු එක්වෙනු තුරු යළි වෙන්වෙමු අපි
ඔබ හ‍ට ආයුබෝවන්
සෙනෙහස ඔබගේ කෙලෙස විදින්නද
අන්සතු ලදකි මෙමන්

Singer : Indrani Perera

Post Comment

Ira Mudune Girawunge Kalabale

Singer : Indrani Perera | Lyrics : Sunil Ariyarathne | Music : Rohana Weerasingha















ඉර මුදුනේ ගිරවුන්ගේ කලබලේ
කඳු මුදුනේ සාවුන්ගේ කලබලේ
මනමාලයන්... මනමාලීයන්...
සුභ මේ නැකතේ හරි කලබලේ...
සුදු පාවඩ එලලා මාවත රඹ තොරන් බැදී
සතර දිගන්තේ අඩ පිරුවට වගේ දිලේ..//
මනමාලයන්... මනමාලීයන්...
සුභ මේ නැකතේ හරි කලබලේ...

ඉර මුදුනේ......

රන් පොරු මස්තකේ දෑගිලී රන් හුයෙන් බැඳී
කිඳුරු දිසා ඒ මඳු සඳේ ඔමරි කර ලෙසේ...//
මනමාලයන්... මනමාලීයන්...
සුභ මේ නැකතේ හරි කලබලේ...

ඉර මුදුනේ......

Singer : Indrani Perera
Lyrics : Sunil Ariyarathne
Music : Rohana Weerasingha

Post Comment

Ko Ma Pethu Obe Adare

Singer : T.M.Jayarathna | Lyrics : Ranjith Weerasinghe | Music : Master Premasiri Kemadasa















කෝමා පැතු ඔබේ ආදරේ
කෝමා පැතු ඔබේ ආදරේ
කෝමා පැතු....

ආවේ එදා මා තිනි වී ලොවේහි
නැති වී ගියා ඒ හැඟුමන් මෙහි..//
යළි මා අනාතයි උතුරා ගලා යයි
සංවේදනා......

කෝමා පැතු.......

ඈ හා අතීතයේ ගැයු ගීත රාවේ
මුසු වී ඇසේවා සුළඟේ පවා..//
කෙවිලි කැදැල්ලේ කොවුලා ඉගිල්ලේ
දැන් ඈ දමා......

කෝමා පැතු.......

පායා පහන් වු රන් තාරකාවෝ
අඳුරේ දමා මා නොපෙනී ගියා..//
කවදාද ආයේ පායා දිලෙන්නේ
රන් තාරකා.......

කෝමා පැතු.......

Singer : T.M.Jayarathna
Lyrics : Ranjith Weerasinghe
Music : Master Premasiri Kemadasa
Movie : Janak saha Manju
Director : K.A.W.Perera
Producer : K.A.W.Perera
Main Actor : Jayanath Perera (Janaka)
Main Actress : Gothami Pathiraja (Manju)
Released Date :  1978.01.27

Post Comment

Thani Wenna Ida Denna

Singer : Ajith Ariyarathna | Lyrics : Jayanth Rohana | Music : H.M.Jayawardena















තනිවෙන්න ඉඩ දෙන්න
මටයි මගේ හිතටයි
වැලපෙන්න ඉඩ දෙන්න
මටයි මගේ නෙතටයි //

යුගයක සෙනෙහස සිතුවිල්ලක්වී
සැගවිලා මතකය අද රහසේ
පෙමි කල සිතකට සාප නොකල මැන
වෙන හිතකට පෙමි කල දවසේ

තනිවෙන්න...

මැකුනු අතීතේ නටඹුන් අතරේ
මා තනිවුදා දිවි කතරේ
වසන්තේ තුං මන්සල අභියස
ඔබ ඇත ඔහු සුලැගිලි අතරේ

තනිවෙන්න...

Singer : Ajith Ariyarathna
Lyrics : Jayanth Rohana
Music : H.M.Jayawardena

Post Comment

Ahanna Adare Tharam

Singer : Dushyanth Weeraman | Lyrics : Dilan Gamage | Music :- Radeesh Vandebona















මේ හිතේ එල්ලිලා පෙරදා ඇවිදින් මා ලයේ දැවටිලා
මා හැර වෙන කෙනෙකුගේ වෙලා ඉන්නේ කොහොමදෝ ඔයා
කදුළු වෑහෙනා නෙතු දිහා බලන්න මොහොතකට ලන්වෙලා
හෙමිහිට පපුව මත කන තියා අහන්න ආදරේ තරම්

දුක දරාගන්නට හිත හයිය නෑ
හිත හදගන්නට කොහොමටත් බෑ
නාදුනන සේ මග හැර යන්න බෑ
තවත් හිතකට හිමිවෙන බෑ

මේ හිතේ එල්ලිලා ..

මා වෙනුවෙන් මට මැවු සෙනේ
හමුවීලා මග හැරී ඇයි ගියේ
ආයෙත් ඔබ මා වෙත එනකන්
තනිකඩවසිටී ඔබ කොහෙද ප්‍රියේ

මේ හිතේ එල්ලිලා ..

Singer: Dushyanth Weeraman
Lyrics : Dilan Gamage
Music : Radeesh Vandebona

Post Comment

Sithum Pethum Podi Adaraye

Singer : Milton Mallawaarachchi















සිතුම් පැතුම් පොදි ආදරයේ
බැඳන් ආවේ....
ආයාසකිනි කියන්න බැරි තරමේ
ආයාසකිනි කියන්න බැරි තරමේ

නිලුපුල් දෙනුවන් සිප ගන්නයි
සුවඳැල් මුහුලස සිපගන්නයි
සුළැගිල්ලෙන් ගෙන ලෙලවන්නයි
සිහිලැල් වදනින් සැනසෙන්නයි

සිතුම් පැතුම්......

ලිය ගොමු වියලී මල් පරවී
අතු කොළ වැහැරී බිම වැටිලා
ඔබ ගිය වග සරණෙක බැඳීලා
කවුද කියයි මට කොඳුරාලා

සිතුම් පැතුම්......

Singer :- Milton Mallawaarachchi

Post Comment

Thawa Ridawanna

Singer : Thilina Ruhunage | Lyrics : Kelum Srimal | Music :- Thilina Ruhunage















මට විදගන්න දුකම දුක සේ
රිදවන්න තව රිදවන්න
එය මට දුන්න සිතම සිතුසේ
අරගන්න ඔබ අරගන්න
යුවතියේ.....

යනෙන කොතැනේ පවා
දේවුරේ හිරවෙන්න ඇලවූ
කදුල පිටුවක රුවා
ලෙයින් දිවුරන්න ඉල්ලූ
ආදරේ කොහෙදෝ ..
මට පෙන්නූ ආදරේ ..

මට විදගන්න ...

සතුට පමණක් සොයා
දුකක් ගැනනම් නොසිතපු
සුසුම් පවුරක තියා මගෙ ආත්මය පරදපු
ආදරේ මෙයදෝ ..
ඔබ දුන්නූ ආදරේ ..

මට විදගන්න ....

Singer : Thilina Ruhunage
Lyrics : Kelum Srimal
Music : Thilina Ruhunage

Post Comment

Ada Deegeka Giya Nuba Mata Bulath Athak Deela

Singer : Sunil Edirisinghe














අද දීගෙක ගිය නුඔ මට බුලත් අතක් දීලා
යන්න පිටත් වු මොහොතේ මගේ දෙපා වැඳලා
එතෙක් සිනාවෙන් සිටි මා කොහෙදෝ තනිවිලා
නෙතේ කදුලු සිරකරගෙන සිටියෙමි ඉවසලා
පුංචි නංගියේ මගේ පුංචි නංගියේ
පුංචි නංගියේ මගේ පුංචි නංගියේ

මා සිටියත් ඉවසාගෙන නෙතේ කදුලු නොසලා
අප දෙන්නා දිහා බලා උන් අම්මා දැකලා
ඇගේ නෙතින් කඩාහැලුනු කදුලු මතක් වීලා
කවුරුත් නැති තැනකට වී හැඩුවෙමි තනිවීලා
පුංචි නංගියේ මගේ පුංචි නංගියේ
පුංචි නංගියේ මගේ පුංචි නංගියේ

අද දීගෙක ගිය නුඔ ....

Singer : Sunil Edirisinghe

Post Comment

Mal Pipila Eda Wagema Balanna Menike

Singer : Sunil Edirisinghe  | Lyrics : Ravi Siriwardana  | Music : Rohana Weerasinghe
      
      
මල් පිපිලා එදා වගෙම
බලන්න මැණිකේ
බඹරු ඇදෙනවා සුවඳට
සතර දිගන්තේ
තරහ නොගෙන සාදු සාදු
කියන්න මැණිකේ...

එදා අපට පෙම්වත් සඳ
 අද දරුවන්ටයි
ගලා හැලෙන නිල් ඇළ දොළ
පෙම් කවියක් වෙයි
එදා අප වෙලී ගිය මග
මෙදා උන් බැඳී යන සඳ
තරහ නොගන්ටයි...

මල් පිපිලා....

කෝඩුකාර පෙම්බස් දැන්
ඉතින් ඔවුන්ටයි
රෑට පිපෙන තරුමල් වල
රේණු ගණින්ටයි
එදා අපෙ හීන මාලිඟ
මෙදා උන් තනා ගත් සඳ
කඩා නොලන්ටයි...

මල් පිපිලා....

Singer : Sunil Edirisinghe 
Lyrics : Ravi Siriwardana   
Music : Rohana Weerasinghe

Post Comment

W.D.Amaradeva

Amaradeva

Post Comment

Sithak Kelesada Mey Tharam

Singer : Malani Bulathsinhala















සිතක් කෙලෙසද මේ තරම්
වේදනාවන් විදින්නේ
නෙතක් කෙලෙසද මේ තරම්
දුකට කඳුළැලි සලන්නේ...//

ඔබෙන් වෙන්වී ගෙවෙන මොහොතක
කල්පයක් වී දැනේ නම්...//
ඔබෙන් තොර හෙටක් ගැන
සිතා ගන්නේ කෙලෙස දෝ

සිතක් කෙලෙසද.......

සුසුම් කඳුළැල් සිහින පමණක්
උරුමයක් වී සදාකල්...//
සතුට මොහොතක මිරිගුයක් වී
බිදී යන්නේ ඇයි මේසේ

සිතක් කෙලෙසද.......

Singer : Malani Bulathsinhala

Post Comment

Sithin Adinawa Apasu Yanna Nodi

Singer : Chandana Liyanarachchi | Lyrics : Vimalaka Muhamdiram | Music : Roshan Fernando















සිතින් අදිනවා ආපසු යන්න නොදී
ඇස් දෙකින් අදිනවා වාගෙයි අහිංසකී
යන්නම ඕනෑ වේ නම් මගෙන් මිදී
කෙටි පණිවිඩ ඇයි එව්වේ අලුත් වෙවී

දුරත් දුකත් අමුනාගෙන එක නූලෙ
ගෙනා දුරක් ඇති ඒකයි දුක් වෙන්නේ
බිමින් තිබ්බ හිත මොකටද අහුලන්නේ
හිතත් මලත් මට නුඹ විතරයි වාගේ

සිතින් අදිනවා ආපසු......

හදාගන්න හිත කිරිල්ලියක් අලුතෙන්
හොයා ගන්න තුරු ඉන්නවාද රහසින්
තරු සිදුරක් නැහැ අහසට සඳ ඇවිදින්
මගෙ සිත ආයේ කොතැනද අලුත් ඉඩක්

සිතින් අදිනවා ආපසු......

Singer : Chandana Liyanarachchi
Lyrics : Vimalaka Muhamdiram
Music : Roshan Fernando

Post Comment

Sinasenna Bane Obe Suwanda Nane - Romesh Sugathapala



හැගුම් මත් කලා ඉනුරා දෑසේ මායා
නැගු මල් සිනා හද පුරා සුවඳ දීලා
ඉගිලී ගියාදෝ සයුරෙන් එහා
දුර යන්නෙ හැංගෙන්නෙ මගෙ හිත දවාලා
සිනාසෙන්න බෑනේ ඔබේ සුවඳ නෑනේ
කොහෙදෝ මා දමා ඉගිලුනේ //

නිල්වන් ගැබේහි සඳ හැංගුනාසේ
ඔබ එයිද ආයේ දෑස පේන මානයේ
මල පරවුනා සේ නොපිපෙද ආයේ
හද රැදුන සිහිනේ බොඳවේද මාගේ
හදවිලම සනසන්න දුක මාගෙ නිවාලා
සිනාසෙන්න බෑනේ //

සංසාර හීනේ ඔබ නේද මාගේ
මේ පෙම් කතාවේ ගිනි ඇවිලුනානේ
හමුවන්න ආයේ පෙරුමන් පුරන්නේ
ගිනි දැවෙන ලෝකයේ මං තනිවෙලානේ
මුණගැහුන තැන තාම මම ඉන්නවා
සිනාසෙන්න බෑනේ //

Title : Sinasenna Bane Obe Suwanda Nane
Singer : Romesh Sugathapala
Lyrics : Nandana Wickramage
Music : Romesh Sugathapala

Post Comment